මානව අයිතීන් සුරක්ෂිත කිරීමට යළි කැපවන්න - ජගත් මහලේකම්

Thursday, 10 December 2015 - 14:07

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
නිදහස හා සියල්ලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යළි කැපවීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලේකම් බැංකි මුන් අවධාරණය කරනවා.

අදට යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන මහලේකම්වරයා පෙන්වා දෙන්නේ වර්තමානයේදී මානව වර්ගයාගේ අයිතීන් හතරක් දැඩිව ආරක්ෂා විය යුතු බවයි.

බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමේ අයිතිය / අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය / ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය මෙන්ම අගහිගකම්වලින් තොරව ජීවත්වීමේ අයිතිය තහවුරු විය යුතු බව බැංකි මුන් ප්‍රකාශකර තිබෙනවා.

ලොව පුරා පුලුල්ව පැතිර ඇති අපයෝජන මෙන්ම කෲර ක්‍රියා මධ්‍යයේ සාමුහිකව ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී ඇති මුලධර්ම ප්‍රවර්ධනයට ඒකාකාරීව පෙළගැසීමේ අවශ්‍යතාව ද ජගත් මහලේකම්වරයා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් නිකුත් කල ඔස්සේ වැඩිදුරටත් අවධාරණය කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දෙසැම්බර් 10 වනදා මානව හිමිකම් දිනය ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 1950 වසරේ පැවති ජගත් මහා මණ්ඩල සැසිවාරයේදීයි.

1955 වසරේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගනු ලැබුවා.

මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීම / ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම ඉහළ නැංවීම මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණයි.

මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම අද පස්වරු 3 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.

නිදහසේ වේදිකාව සහ සිවිල් සංවිධාන එකමුතුවයි එය සංවිධාන කර ඇත්තේ.