යහපාලනය වෙනුවෙන් අගමැති පාරට

Friday, 11 December 2015 - 8:17

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7
යහපාලනය රැක ගැනීම සදහා පාරට බැසීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (10) පස්වරුවේ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මානව හිමිකම් දින සැමරුමකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යහපාලනය ආපසු හැරවීමට ඇතමුන් වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි.

67 වන ජගත් මානව හිමිකම් සැමරුමට සමගාමීව නිදහසේ වේදිකාව ව්‍යාපාරය මෙම මානව හිමිකම් සැමරුම සංවිධාන කර තිබුණා. ඊට සිවිල් සංවිධාන නියෝජිතයන්, විදෙස් තානාපතිවරුන්, අතුරුදන් වූ පවුල්වල සාමාජිකයන් සහ පසුගිය කාල සීමාවේ විවිධ අසාධාරණකම්වලට ලක්වු පුද්ගලයන් එක්ව සිටියා.