පුද්ගලයෙකු එලොව යැවූ සූර්වී සිටි රියදුරු අත්අඩංගුවට

Friday, 11 December 2015 - 8:28

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්කරමින් තවත් 27 දෙනෙකුට තුවාල සිදුකරමින් අම්පාර - පදියතලාව - ගල් ඕඩය ප්‍රදේශයේදී ඊයේ (10) අනතුරට ලක් වූ ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවට කරුණු අනාවරණ වීමත් සමගයි.

ඊයේ රාත්‍රී 7 ට පමණ ශ්‍රී ලංගම බස් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවූ බව සඳහන්. බිබිලේ සිට පුහුණුවක් සඳහා පැමිණි කෘෂිකර්ම උපදේශකවරුන් සහ ගොවීන් කාත්තන්කුඩි දක්වා ගමන් කිරීමේදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

තුවාල ලැබූවන් පදියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි පුද්ගලයින් මහියංගනය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මියගොස් ඇත්තේ බස් රථය හා මුහුණට මුහුණලා ගැටුණු ලොරියේ සිටි රියදුරායි.