බස් හිමියන් වර්ජනය කරයි ද ?

Friday, 11 December 2015 - 11:04

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF+%3F
රුපියල් පන්දහසක් දක්වා ඉහළ දැමු දුම් පරීක්ෂණ ගාස්තුව තාවකාලිකව නතර කිරීමට මුදල් අමාත්‍යවරයා ඇතුලු බලධාරීන් එකග වු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කලේ අදාළ අංශ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කල බවයි.

පෞද්ගලික බස් රථ කර්මාන්තයට බලපාන ඒකාබද්ධ කාලසටහන් මෙන්ම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් දුම් පරීක්ෂණ ගාස්තු ඉහළ නැංවීමට විරුද්ධ නොවන බවයි ගැමිණු විජේරත්න කියාසිටියේ.

එබැවින් අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරන තෙක් දුම් පරික්ෂණ ගාස්තුව පෞද්ගලික බස් රථ සඳහා අයකර ගැනීම තාවකාලිකව අත්හිටවනු ඇති බව ඔහු ප්‍රකාශ කලා. කෙසේවෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත එම වැඩවර්ජනය පිළිබඳ හෙට සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කලේ.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන සමයේ පෞද්ගලික බස් රථ වර්ජනයකට යොමු වීම පිළිබඳ පාර්ශව රැසක දැඩි විවේචනයක් ද බස් රථ සංගම්වලට එල්ලවී තිබෙනවා.