එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු අමාත්‍යවරයකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබෙනවා.
අද පෙරවරු 9 යි 45 ට ඔවුන් පැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.
මහපොළ ලොතරැයිය මුද්‍රණය කිරීමේදී සිදුවූවායැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණියා.
එම කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවයි.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත මේ වනවිට ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා. ඒ මහබැංකුව මගින් සිදුකළ ඉදිකිරීම් කටයුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබාදුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්.