ඩෙංගු රෝගයට එන්නතක්

Friday, 11 December 2015 - 14:23

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
ඩෙංගු රෝගය වෙනුවෙන් සොයා ගැනුනු ලොව පළමු එන්නත මෙක්සිකෝවේ භාවිතයට අවසර හිමිවී තිබෙනවා.

වසර 20 ක පමණ දීර්ඝ මෙන්ම සංකීර්ණ පරීක්ෂණවලින් පසුවයි මෙම එන්නත නිර්මාණය කර ඇත්තේ.

ඊට වැයවු මුදල ඩොලර් බිලියන 1 යි දසම 65 කට අධිකයි.

ඒ අනුව මෙක්සිකෝවේ ඩෙංගු රෝගය බහුලව පැතිර ඇති ප්‍රදේශවල අවුරුදු 9 සිට 45 දක්වා වන පුද්ගලයන්ට අදාළ එන්නත ලබාදෙනු ඇති.

වයස අවුරුදු 9 න් පහළ ළමුන්ට මෙම ඩෙංගු එන්නත ප්‍රතිචාර දක්වනු ලබන්නේ ඉතා අඩු මට්ටමකින් බැවින් එය ඔවුන්ට ලබා නොදෙන බව ප්‍රංශ විද්‍යාඥයන් පිරිස සඳහන් කර තිබෙනවා.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගය ලොව ජනගහණයෙන් හරි අඩකගේ පමණ ජීවිත අවධානමකට ලක් කර ඇති බවයි.

මෙම එන්නත මගින් එම තත්වය පාලනය කල හැකි බව ඔවුන්ගේ මතය වී තිබෙනවා.

ඩෙන්ග් වැක්සියා නම් එන්නත ලතින් අමරිකා සහ ආසියානු රටවල් 19 ක භාවිත කිරීමට ඉදිරි දින කිහිපයේදී අනුමැතිය හිමිවනු ඇතැයි එය සොයා ගනු ලැබු ප්‍රංශ විද්‍යාඥයන් විශ්වාසය පළකරනවා.

ක්‍රම 4 කින් ක්‍රියාත්මක වන ඩෙංගු රෝගය වැලැක්වීමට නව එන්නතට හැකියාව පවතින බව සඳහන්. 2020 වසර වන විට මෙම එන්නත මගින් ඩොලර් බිලියන 1 යි දසම 4 ක පමණ මුදලක් උපයාගත හැකිවනු ඇතැයි විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා.

ලොව මැදි ආදායම් ලබන රටවල් රැසකට දැඩි බලපෑම් එල්ලකරන රෝගී තත්වයක් වන්නේ ඩෙංගු රෝගයයි.