පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියෙන් කට්ටියක් එළියේ

Saturday, 12 December 2015 - 7:43

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව ඊයේ (11) දෙවරක් කල් තැබුණා.

පළමු වර විනාඩි 10ක පාර්ලිමේන්තුව කල් තැබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අදහස් දැක්වීමෙන් පසු මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තාජුඩීන්ගේ මරණය ගැන යම් ප්‍රකාශයක් සිදුකරමින් අදහස් දැක්වීම ආරම්භ කිරීමත් සමඟයි. එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු තමාට පහරදීමට උත්සාහ කළ බවට ද රහුමාන් මන්ත්‍රීවරයා චෝදනාවක් සිදුකළා.

 කෙසේ වෙතත්, යළි පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් පසු දෙපාර්ශවයේ උණුසුම් වාද විවාද හමුවේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණියා. එම නිසා ඊයේ පස්වරු 4.50ට පමණ දෙවන වරටත් කල් තැබුණු පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු යළි ආරම්භ කෙරුණේ පස්වරු 6.10ට පමණයි.

අදාළ දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු -  තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් හැන්සාඩ්  වාර්තාවෙන් ඉවත් කරන බව කථානායකවරයා ප්‍රකාශ කිරීමත් සමඟ යළි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පිටව ගියේ ඊයේ දිනට නියමිතව තිබූ විදේශ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින්.