Update: සීඝ්‍රගාමී දුම්රියක කාරයක් ගැටී දෙදෙනෙක් මරුට (ඡායාරූප)

Saturday, 12 December 2015 - 8:59

Update%3A+%E0%B7%83%E0%B7%93%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කඳාන - කපුවත්ත දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන දුම්රියක, මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ උදෑසන 7.45ට පමණ මෙම අනතුර සිදුවූ බවයි. පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මෙලෙස බටගම සිට මීගමුව දක්වා ගමන් ගත් මෝටර් රථයක් ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි  42 හැවිරිදි පුද්ගලයෙකු සහ ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි  24 හැවිරිදි තරුණයෙක්.











(ඡායාරූප - ඇල්ෆ්‍රඩ් මනුවේන්ද්‍ර)

අද උදෑසන මීරිගම - විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී ද බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මෝටර් රථයක් ගැටී තිබෙනවා. කෙසේ වෙතත්, ඉන් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට හානි සිදුවී නොමැති අතර මෝටර් රථයට හානි සිදුවූ බවයි පොලීසිය සදහන් කළේ. දුම්රිය ගේට්ටු වසා තිබියදී මෙම මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. කෙසේ වෙතත්, පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ අදාළ රියදුරාට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.