ගඩාෆිගේ පුත්‍රයා පැහැරගයි

Saturday, 12 December 2015 - 11:09

%E0%B6%9C%E0%B6%A9%E0%B7%8F%E0%B7%86%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F++%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%92
ලිබියාවේ හිටපු නායක මුවම්මර් අල් ගඩාෆිගේ පුත්‍රයෙකු වන හන්නිබල් ගඩාෆි ලෙබනනයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන තිබෙනවා.  ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඔහු සිය මව සහ නැගෙනිය සමඟ  ඕමානයේ රැකවරණ ලබමින් සිටි අතර ලෙබනනට පැමිණ ඇත්තේ කුමකට ද යන්න හෙළි වී නැහැ.

ලෙබනනයේ සුප්‍රකට ෂියා මුස්ලිම් ආගමික නායකයෙකු වන මුසා අල් සදාර් 1978 වසරේ ලිබියාවේ සංචාරයක නිරතව සිටියදී අභිරහස් ලෙස අතුරුදන් වුණා.
ඊට හන්නිබල්ගේ පියා වන මුවම්මර් ගඩාෆි වගකිව යුතු බවටයි චෝදනා එල්ල වූයේ. ඒ පිළිබද වැඩිදුර කරුණු විමසීම සඳහා ගඩාෆිගේ පුත්‍රයා පැහැර ගත් බව එය සිදුකළ සන්නද්ධ කල්ලිය ප්‍රකාශ කර තිබෙනවා.

ලිබියාවේ හිටපු නායක ගඩාෆි 2011 වසරේ ඇති වූ මහජන කැරැල්ලකින් ජීවිතක්ෂයට පත්වුණා. එවකට අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කළ දැන්  40 හැවිරිදි හන්නිබල් ප්ලේබෝයි සඟරාවේ ද පෙනී සිටි අයෙක්.  

පහර ගැනුණු හන්නිබල් ගඩාෆි පසුව  මුදා හැර තිබෙනවා.