නොරොච්චෝලේ බලාගාරය යළි අක්‍රියවී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව මේ වනවිට බලාගාරයේ විදුලිජනන යන්ත්‍ර 3 ම අක්‍රියවී පවතිනවා. මීට පෙර යන්ත්‍ර දෙකක් අලූත්වැඩියා කටයුතු සඳහා අක්‍රිය කර තිබුණා. විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ මෙමඟින් ජාතික විදුලිබල පද්ධතියට ගැටළුවක් මතුවී නොමැති බවයි.