ජනපති පාප්වහන්සේ හමුවෙන්න යයි

Sunday, 13 December 2015 - 8:21

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඉතාලියේ සහ වතිකානුවේ සංචාරයක් ආරම්භ කරනවා. මෙහිදී ජනාධිපතිවරයා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේද මුණ ගැසීමට නියමිතයි. එම හමුව ජනාධිපතිවරයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාප් වහන්සේ මුණගැසෙන දෙවන අවස්ථාවද මෙයයි. ජනාධිපතිවරයා දින දෙකක් එහි රැඳී සිටීමට නියමිතව තිබෙනවා.