අරගලවලට මුහුණ දෙන්න පොලිසියට අලූත් ක්‍රමයක්

Sunday, 13 December 2015 - 8:27

%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උද්ඝෝෂණ සහ විරෝධතා වැනි අරගලකාරී අවස්ථාවන්ට මුහුණදීම සම්බන්ධයෙන් පොලිසියට නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව ජාතික පොලිස් කොමිසම පවසනවා. ඇතැම් අවස්ථාවන් හිදී අරගලකාරී තත්ත්වයන් හමුවේ පොලිස් නිලධාරීන්ද අසරණ වන බවයි එහි ලේකම් ආරියදාස කුරේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. පොලිස්පතිවරයාද එවැනි නව ක්‍රමවේදයක අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළ බව ඔහු කියා සිටියා.

එච්.එන්.ඩී.ඒ සිසුන්ට පහරදීමේ සිද්ධියේදී පොලීසිය සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව පහරකෑමට ලක්වූ සිසුන්ට වන්දි ගෙවන ලෙසයි එම කොමිසම නියෝග කළේ.

අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට විනය පියවරක් ගත යුතු බව ද එම සිද්ධියට අදාළ විමර්ශන වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කර සිටියා. එසේම ඔවුන් පොලිස් නිලධාරීන් මෙවැනි අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යම් නිර්දේශද ඉදිරිපත් කර තිබුණා. මෙම සියලූ කරුණු සැලකිල්ලට ගෙනයි පොලිස් කොමිසම අදාළ පියවර ක්‍රියාත්මක කරන්නේ.