කාලගුණ විපර්යාසයට මුහුණදෙන්න ලෝකයම එක්වේ

Sunday, 13 December 2015 - 8:53

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
මිහිතලය උණුසුම්වීමට බලපාන කාබන් දහනය පාලනය කිරීම සඳහා ලොව රටවල් 190 කට වැඩි සංඛ්‍යාවක් එකඟත්වය පළ කරමින් පැරිස් නුවර සති දෙකක් තිස්සේ පැවති ලෝක කාලගුණ සමුළුව සාර්ථකව නිමාවට පත්වුණා. ලොව උෂ්ණත්වය ඉහළ යාම, සෙන්ටිගේ‍්‍රඞ් අංශක දෙකකට වඩා අඩුවෙන් පවත්වාගැනීමටයි එහිදී එම රටවල නියෝජිතයන් එකඟවූයේ. කාබන් දහනය පාලනය කිරීම සඳහා ලොව සියලූ රටවල් එකඟවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

නව ලෝක කාලගුණ ප්‍රඥප්තියේ ඇතැම් වගන්ති නීතිමය බැඳීමක් සහිත ඒවා වන අතර, ඇතැම් ඒවා ස්වේච්ඡාවෙන් පිළිපැදිය යුතුයි. ලෝක කාලගුණ සමුළුවට සහභාගි වූ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ඇතුළත් ජී 77 කණ්ඩායම මෙන්ම චීනය, ඉන්දියාව වැනි මෙතෙක් එවැනි එකඟත්වයකට මැලිවූ රටවල් සියල්ල නව ප්‍රඥප්තියට එක්වීම විශේෂත්වයක්.

ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කළේ නව එකඟතාව පෘථිවියේ සියලූ වැසියන්ගේ ජයග්‍රහණයක් බවයි. අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ සිටින ඇමරිකානු ගගනගාමී ස්කොට් කෙලී එය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් බව සඳහන් කළේ පැරිස් සමුළුවට විශේෂ පණිවුඩයක් එවමින්.