රට ගිය කත සමූහ දූෂණයට

Sunday, 13 December 2015 - 12:27

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදි සිටියෙදි නිවසේ හාමිපුතා ඇතුළු එම නිවසේ පදිංචි තවත් දෙදෙනෙකු විසින් අවස්ථා  කිහිපයකදි දූෂණයට ලක්වු බව පවසමින් බගවන්තලාව රෝබිගිල්  වතුයායේ තිදරු මවක් නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර  තිබෙනවා.

මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයකින් ඉකුත් වසරේ ගෘහ සේවයට ගොස් ඇති 33 හැවිරිදි මෙම තිදරු මව මෙම ලිංගික අතවර හේතුවෙන් තමන් විදින පිඩා හමුවේ ඉකුත් නොවැමිබර් මාසයේ දිවයිනට පැමිණ තිබේ.

පසුව අදාල  ඒජන්සියට ගොස් මේ පිළිබඳව දන්වා, එම කාන්තාව බගවන්තලාව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

පසුව එම කාන්තාව නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර වෛද්‍ය වාර්ථාවත් සමඟ පැමිණිල්ලේ වැඩි දුර විභාගය සදහා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත යොමුකරන ඇති බවයි බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.