පියා බැලීමට රෝහලට ගොස් එන අතරතුර මරුවා සමඟ ගිය තරුණයා (CCTV Video)

Monday, 14 December 2015 - 9:18

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%28CCTV+Video%29
ඕපනායක හල්වින්න ප්‍රදේශයේ ලංගම බස්රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

ලබන මාසයේ විවාහ වීමට නියමිතව සිටි 26 හැවිරිදි මෙම තරුණයා තමන්ගේ පියා  මේවනවිට සැත්කමකට ලක්ව බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින්, පියාගේ සුව දුක් බලා යතුරු පැදියෙන් නැවත නිවස කරා යන අතරතුර මෙම අනතුරට මුහුණපා ඇත.

ලංගම බස්රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවණය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.
බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔපනායක පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි..

අසල වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවේ මෙම අනතුර මෙසේ පටිගතවී තිබුණා.



වීඩියෝ - බලංගොඩ රෝහණ වසන්ත