කුවේටයේදී ගැටලුවලට මුහුණදුන් 50 ක් දිවයිනට

Monday, 14 December 2015 - 13:34

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කුවේට් රාජ්‍යයේදී විවිධ ගැටලුවලට මුහුණදුන් තවත් ලාංකිකයන් 50 දෙනෙකු අද දහවල් යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ කාන්තාවන් 44 දෙනෙකු ද මේ අතර වන බවයි.

ඔවුන් අද දහවල් 12.20 ට පමණ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි UL 230 යානයෙන් කටුනායකට ළගාවුනා.

කුවේටයේදී විවිධ ගැටලුවලට මුහුණදුන් මෙම පිරිස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනුයි දිවයිනට එවා ඇත්තේ.

කටුනායක ගුවන්තොටුපල විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් විසින් අදාළ ලාංකිකයන් 50 දෙනා නිවෙස් වෙත පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මේ අතර අද පෙරවරුවේ ලාංකිකයන් 44 දෙනෙකුට දිවයිනට ළගාවුනේ සෞදියේදී විවිධ හිංසනවලට මුහුණදීමෙන් පසුවයි. පසුගිය දින කිහිපයේදීම මේ ආකාරයෙන් විදේශයන්හිදී විවිධ ගැටලුවලට මුහුණදුන් විශාල පිරිසක් යළි දිවයිනට ළගාවුනා.