නව රජය ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් ඔස්සේ මානව හිමිකම් ශක්තිමත් කරන ඉදිරි ගමනක නිරත වන බව ඇමරිකාව පවසනවා. මෙරට සංචාරයක නිරත වූ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් කියා සිටියේ ඒ සඳහා මෙන්ම සාමයේ ප්රතිලාභ ශ්‍රී ලංකාවේ සියලූ ජනතාවට ලබාදීම සඳහා ඇමරිකාව කටයුතු කරන බවයි.
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ඊයේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ද මුණ ගැසුණා. එහිදී දෙරට අතර සබදතා ශක්තිමත් කරලීම පිළිබදව අදහස් හුවමාරු වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. ද්වි පාර්ශවික වෙළදාම සහ ආයෝජන ඉහළ නැංවීම මෙන්ම සාමුද්‍රික ආරක්ෂාව පිළිබද සහයෝගිතාව ද ඊට ඇතුළත්.