බැංකු සේවක සංගමය පමණක් හකුලානොගත් වර්ජනය අද

Tuesday, 15 December 2015 - 8:09

%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
බැංකු ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළුවලට අයවැයෙන් විසදුම් නොලැබීම සහ අයවැය මගින් බැංකු ක්ෂේත්‍රයට සිදුවන අහිතකර බලපෑම් මුල් කරගෙන අද දිනයේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා, බැංකු සේවක සංගමය පවසනවා.

එහි විධායක සභික කේශර කෝට්ටේගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ වැඩ වර්ජනය සඳහා රාජ්‍ය බැංකු 8ක සහ පෞද්ගලික බැංකු 12ක සේවකයින් 30,000ක් පමණ එක්වීමට නියමිත බවයි.

එහෙත් බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ජාතික සංවිධායක සුරංග නාවුලගේ කියා සිටියේ මෙම වර්ජනයට එක් නොවන බවයි.

මේ අතර, අද දිනයේ වර්ජනයට සහභාගි නොවී සේවයට වාර්තා කරන බැංකු සේවකයින්ට බාධා කිරීම වළක්වාලන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය මගින් ලංකා බැංකු සේවක සංගමය වෙත ඊයේ නිකුත් කළා.

ඒ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව සහ මහජන බැංකුව අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ටී.ඞී. ගුණසේකර හමුවේ කරුණු දක්වමින් අදාළ බැංකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් බැංකු කටයුතු මෙන්ම සේවාදායකයින්ට ද බාධා එල්ල විය හැකි බවයි.

මේ නිසා වර්ජනයට සහය නොදී සේවයට වාර්තා කරන බැංකු සේවකයන්ට ලංකා බැංකු සේවක සංගමයෙන් බාධා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත්, තම ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාරක් රජයෙන් ලැබුණු බැවින් තමන් වර්ජනයෙන් ඉවත් වූ බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියා.