ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වතිකානු සංචාරයේ දෙවන දිනය අදයි. අද දිනයේදී ජනාධිපතිවරයා වතිකානු කෞතුකාගාරය සහ ශාන්ත පීතර බැසිලිකානු දේවස්ථානය නැරඹීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදුටුවා. වතිකානුවේ විශේෂ පිළිගැනීමේ ශාලාවේ පැවැති එම හමුවට කාදිනල් හිමිවරුන් ප්‍රධාන වතිකානු ආගමික නායකයන් සහ ශ්‍රී ලාංකික දූත පිරිස ද එක්ව සිටියා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ එම හමුවේදී ශ්‍රී ලංකාව සාමය හා සංහිදියාව කරා යන ගමනට පාප් වහන්සේ ආශිර්වාද කළ බවයි.
පාප් වහන්සේ සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය එම සංචාරයට එක්ව සිටි සංචාරක සහ ක්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සදහන් කළේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සාමය සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ බවයි.
මෙම හමුවෙන් පසුව පාප් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුවා.
ඊයේ දිනයේදී වතිකානුවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ වතිකානු රාජ්‍ය ලේකම් ජෝබ් බෙටර්කොම් කාදිනල් හිමිපාණන් විසින්. එම අවස්ථාවට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල සහ වතිකානුවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ ද එක්ව සිටියා. ජනාධිපතිවරයාගේ වතිකානු සංචාරය ඊයේ දිනයට අවසන් වුණේ එහිදී පැවැති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකින් අනතුරුවයි. තම දෙදින නිළ සංචාරය නිමා කරමින් ජනාධිපතිවරයා අද පස්වරුවේ වතිකානුවෙන් පිටත්වීමට නියමිතයි.