බොරු සාක්ෂි දුන් මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දරට නඩු

Tuesday, 15 December 2015 - 8:24

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීම හේතුවෙන් රක්නාලංකා සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දරට එරෙහිව කුරුදුවත්ත පොලීසිය ඊයේ නඩු පවරනු ලැබුවා. ඒ අනුව විත්තිකරුට ලබන වසරේ ජනවාරි මස 24 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සිතාසි නිකුත් කළේ.

සත්‍ය පවසන බවට දිවුරා පොරොන්දු වී කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දි ඇති බවත් තමන් කොමිසම හමුවේ මෙලෙස අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට මොහු විසින් පිළිගෙන ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දි තිබෙනවා.

මේ අතර පොරොන්දු වූ පරිදි රුපියල් ලක්ෂ 54ක් වටිනා ජීප් රථයක් එය මිලදී ගත් පුද්ගලයාට බාර නොදුන් බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ නඩු පවරනු ලැබුවා.

රුපියල් ලක්ෂ 54ක් වටිනා මෝටර් රථයක් වසර 5කින් පසුව වෙනත් පුද්ගලයෙකුට පවරන බවට පොරොන්දු වී එම පොරොන්දුව කඩ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ චෝදනා ගොනු කළා. මීට වසර 13කට පෙර මෙම සිද්ධිය සිදුව තිබෙනවා.