මාළඹේ - අරංගල හන්දිය ප්රදේශයේදී අද (17) අලූයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. කැබ් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෙඩි තැබූ පුද්ගලයන් පැමිණි වෑන් රථය පලාගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අතුරුගිරිය පොලීසිය සඳහන් කළේ.