හෙරොයින් සමග දෙදෙනෙකු දැලේ

Thursday, 17 December 2015 - 10:33

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
හෙරොයින් ලග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු ප‍‍්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(16) පස්වරුවේ වත්තල පොලිසීය ඔරියමුල්ල  ප‍‍්‍රදේශයේ කල වැටලීමකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග‍‍්‍රෑම් 2 යි මිලිග‍‍්‍රෑම් 200 ක් ද සමගයි. රාගම ප‍‍්‍රදේශයේ පදිංචි ඔහු අද වත්තල මහේස්ත‍‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

හෙරොයින් ග‍‍්‍රෑම් 1 යි මිලි ග‍‍්‍රෑම් 130 ක් සමග තවත් සැකකරුවෙකු නාරාහේන්පිට ප‍‍්‍රදේශයේදී ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසීයට ලැබුණූ තොරතුරකට අනුවයි.

ඔහු අද ඉදිරිපත් කෙරෙන්නේ මාලිගාකන්ද මහේස්ත‍‍්‍රාත් අධිකරණයටයි.
 
මෙරට නීතියට අනුව හෙරොයින් ග‍‍්‍රෑම් 2 ක් හෝ ඊට වැඩි ප‍‍්‍රමාණයක් ලග තබා ගැනීම / ජාවාරම් කිරීම හා ප‍‍්‍රවාහනය මරණ දඩුවම / හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක්.