හිටපු ජනපති අද කොමිසමට ගිහින් නෑ

Thursday, 17 December 2015 - 10:56

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද බරපතල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණත් ඊට සහභාගි වී නොමැති බව හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනිය හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රචාරණය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනය සඳහායි හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ පෙනී සිටිය යුතු වන්නේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන සාක්ෂි විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.