බලපත්ර නොමැතිව මුහුදේ කිමිදී මසුන් මරමින් සිටි ධීවරයින් හයදෙනෙකු වෙන්නප්පුව - උල්හිටියාව ප්රදේශයේ ධීවරයින් විසින් අල්ලා මහවැව දිස්ත්රික් ධීවර කාර්යාලයට භාරදී තිබෙනවා.
අද අලූයම තුනට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම - සින්නපාඩුව ප්රදේශයේ ධීවරයින් පිරිසක්. මොවුන් සතුව තිබී කිමිදීම සඳහා යොදාගන්නා ඔක්සිජන් සිලින්ඩර 20 ක්, කිමිදුම් කට්ටල සහ මුහුදේදී අල්ලා ගන්නා ලද මාළු කිලෝග්රෑම් 50ක් පමණද මහවැව දිස්ත්රික් ධීවර කාර්යාලයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව - උල්හිටියාව මුහුදේ කිමිදී ආහාරයට ලබාගන්නා මාළු ඇල්ලීම සඳහා කිසිවෙකුට අවසර ලබාදී නොමැති බවයි මහවැව සහකාර ධීවර අධ්යක්ෂ අනුර ජයසේකර සඳහන් කළේ.

(ඡායාරූප - ජුඩ් සමන්ත)