'ශ්‍රිලංකාවේ ISIS සාමාජිකයින්' සමග සම්බන්ධයක් ඇති බවට ඉන්දියාවේ තරුණියක් කියයි

Friday, 18 December 2015 - 14:58

%27%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+ISIS+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%27++%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7++%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ - පූනේ නගරයේ 16 හැවිරිදි දැරියක් ශ්‍රී ලංකාවේ සිටින අයි.එස්. නියෝජිතයෙකු හරහා එම සංවිධානය සමග සබඳතා ඇති කරගත් බව හෙළි වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අද ප්‍රකාශ කළා. එමෙන්ම, ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවල සහ පිලිපීනය, සෞදි අරාබිය, ඩුබායි මෙන්ම ශ්‍රී ලංකාවේ ද සිටින අයි.එස් හිතවාදීන් සමග ඇය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි එමගින් වැඩිදුරටත් සදහන් කළේ.

2017 වසරේදී ISIS ත්‍රස්තයින් සමඟ සම්බන්ධවීමේ අධිෂ්ඨානයෙන් ඇය ක්‍රියාකර තිබේ.

ඉන්දීය මහාරාෂ්ඨ ත්‍රස්ථ විමර්ශන අංශයට ඇය කළ පාපොච්චාරණය මඟින් ලංකාව තුළ ක්‍රියාත්මක සැඟවුණූ ISIS ජාලයක් ඇති බවටයි වාර්තා වන්නේ.

රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ අයි.එස් සංවිධානය පිළිබද තොරතුරු ලබාගත් ඇය සිරියාවට යාමට පවා සූදානම්ව සිටි බව වාර්තා වනවා. එමෙන්ම, ඉන්දීය ත්‍රස්ත මර්දන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ඉන්දීය තෙල් සංස්ථාවේ විධායක නිලධාරියෙකු වන මොහොමඩ්  සිරජුඩ්ඩීන් සමග ද ඇය සබඳතා පවත්වා ඇති බව හෙළි වී ඇති තවත් කරුණක්. ඔහු පූනේ නගරය කේන්ද්‍රකොට ගෙන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පුරා අයි.එස් හිතවාදීන්ගේ ජාලයක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ගොඩනගමින් සිටි අයෙක්.

විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබා ඇති ඇය දක්ෂ ශිෂ්‍යාවක් බවටයි වාර්තා වන්නේ. ඉන්දීය පොලිසියෙන් ඇයට කිසිදු පියවරයක් නොගෙන පුනුරුත්ථාපනය කිරීමට කටයුතු කරන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මීට පෙර ද ශ්‍රී ලාංකිකයෙකු අයි.එස් සංවිධානයට සම්බන්ධව සිටි බවට තොරතුරු හෙළි වුණා.

ගලේවෙල පදිංචිව සිටි මූස්ලි ලිලම්දන් නමැති එම ශ්‍රී ලාංකිකයා හඳුන්වා තිබුණේ අබු ශුරායා හෙවත් සිලානි ලෙසයි.

මෙම ශ්‍රී ලාංකිකයා සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් ද අයිි.එස්. සංවිධානයට එක්වූ බවයි අදාළ වාර්තාවල දැක්වුණේ.

සිරියාවේදී ඔහු මිය ගොස් තිබූ අතර, ඊට අදාළව වාර්තාවක් නිකුත් කළ අයි.එස් ප්‍රචාරක සගරාවක් සදහන් කළේ ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු තම සංවිධානයට සම්බන්ධ වී ඇති බවයි.