උත්සව සමයට විශේෂ මගී ප්‍රවාහන සේවා

Monday, 21 December 2015 - 9:25

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F
උත්සව සමයත් සමඟ විශේෂ ප්‍රවාහන සේවාවක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ   ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා  පැවසුවේ දෛනික බස් රථ වලට අමතරව තවත් බස් රථ 200 ක් ධාවනයට එක් කරන බවයි.

මගී අවශ්‍යතා පරිදි  ඌව පළාතෙන් අමතර බස් රථ සංඛ්‍යාවක් කොළඹට ගෙන්වා ගැනෙන බව ගුණතිලක මහතා සදහන් කලා.  

කොළඹ මධ්‍යම බස් ඩිපෝවේ බස් රථ එක් කිරීමටද ලංකා ගමනා ගමන මණ්ඩලය සැළැසුම් කර තිබෙනවා.

මේ අතර ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ උත්සව සමයේදී අධිවේගි මාර්ගවලද අතිරේක ගමන්වාර ක්‍රියාත්මක බවයි.

මීගමුව පිටකොටුව මාර්ගයේ අද සිට  අතිරේක ලංගම බස් රථ 5 ක් ධාවනයට එක්වනවා.

මෙම විශේෂ බස් සේවාව ලබන පළමුවනදා තෙක් ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කලා.

දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කොළඹ කොටුවේ සිට අමතර දුම්රිය කිහිපයක් යෙදවීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම මගී ජනතාවගේ අවශ්‍යතා මත පෞද්ගලික බස් රථද යෙදවීමට හැකියාව පවතින බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.