බස් රථයක් ගුවන් යානයක ගැටෙයි

Tuesday, 22 December 2015 - 10:42

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ කොල්කටා නුවර ගුවන් තොටුපළක නතර කර තිබූ ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයක බස් රථයක් ගැටීමෙන් යානයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. තවත් පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් තොටුපළ සේවා සලසන බස් රථයක් මෙලෙස එහි ගැටී ඇත්තේ අද (22) උදෑසනයි.

රියදුරුට පාලනය කර ගත නොහැකිව බස් රථය ගුවන් යානය තුළට කඩා වැදී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ නමුත්, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් කිසිවෙකු නොසිටි බව සදහන්. එය ඇසෑම් ප්‍රාන්තයේ අභ්‍යන්තර ගුවන් ගමනකට සූදානම් කර තිබූ ගුවන් යානයක්.