සාෙහොයුරාට පොරවෙන් කෙටු නැගණිය අත්අඩංගුවට

Tuesday, 22 December 2015 - 11:43

%E0%B7%83%E0%B7%8F%E0%B7%99%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බණ්ඩාරවෙල බෝකැටිඅරාව ප්‍රදේශයේදී  පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ  මිය ගිය පුද්ගලයාගේ සොහොයුරිය විසින් මෙම අපරාධය ඊයේ රාත්‍රීයේ සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 54 ක පුද්ගලයෙක්.

මරණකරු  සහ සැකකාරිය එකම නිවසේ පදිංචිව සිට ඇති අතර  පුද්ගලික ආරවුලක් හේතුවෙන් නිවස තුලදි ඝාතනය සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෘත ශරිරය  සම්බන්ධ  පශ්චාත් මරණ පරික්‍ෂණය අද (22) සිදු කිරිමට නියමිතයි.

සැකකාරිය අද බණ්ඩාරවෙල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන බව පොලිසීය ප්‍රකාශ කලා.