අවුරුදු 2 දැරියකට මරු කැදවු ගල්නෑවේ රිය අනතුර

Thursday, 24 December 2015 - 11:51

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94++2+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%94+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%91%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
අනුරාධපුරය - ගල්නෑව - ඞී තුන ඇල මාර්ගයේදී ත්‍රිරෝද රථයක් පෙරළී යාමෙන් එහි සිටි අවුරුදු දෙකක පමණ කුඩා දැරියක් ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී දැරියගේ මව සහ තවත් සහෝදරයෙකු ත්‍රිරෝද රථයේ සිට ඇති බවයි.

මේ අතර, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මොලගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් 56 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.