දක්ෂිණ අධිවේගයේ ගොඩගම අවට තදබදය අවසන්

Thursday, 24 December 2015 - 14:02

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - ගොඩගම - අන්තර් හුවමාරුවේ පිටවීමේ පර්යන්තය ආසන්නයේ පැවතුණූ දැඩි රථ වාහන තදබදය පහව ගොස් තිබෙනවා.

හෙට යෙදී ඇති නන්තල් දිනය හේතුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වැඩි පිරිසක් අධිවේගි මාර්ගය භාවිත කිරීම හමුවේ අද පෙරවරුවේ රථ වාහන තදබදයක් හට ගැණූනු බවයි වාර්තා වුයේ.

අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු භාර අධ්‍යක්ෂ එස්  ඕපනායක සඳහන් කළේ කිලෝමීටර් 2ක පමණ දුරක සිට  රථ වාහන තදබදය පැවති බවයි.

එම නිසා මාතර - ගොඩගම අන්තර් හුවමාරුවෙන් පිට වීමට නියමිත වාහනවලට පින්නදුව සහ කොක්මාදුව පර්යන්ත භාවිතා කිරීමට සිදුව තිබුණා.  

කෙසේවෙතත් එම තත්වය මේ වන විට මුලුමනින්ම යථා තත්වයට පත්ව තිබෙනවා.

මේ අතර උත්සව සමයේ ගම්බිම් බලා යන මගී පහසුව සදහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ විශේෂ බස් සේවාව අදත් ක්‍රියාත්මකයි.