වාර්ෂික ප්‍රසාද දීමනාව කප්පාදු කර ගෙවීමට එරෙහිව ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 26 වන සෙනසුරාදා සිට අතිකාල සේවා ප්‍රතික්ෂේප කිරීම, සති අන්ත නඩත්තු සේවා මුරවලින් ඉවත්වීමට තීරණය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය සන්ධානය පවසන්නේ.
මීට අමතරව ලබන 28 වන සඳුඳා උදෑසන 9 සිට දහවල් 12 දක්වා දීපව්‍යාප්තව විරෝධතාවයක නිරත වන අතර, නඩත්තු - අළුත්වැඩියාවන් සිදු නොකිරීම, බිල්පත් නිකුත් කිරීම සහ බිල්පත් ගෙවීමේ සේවාවන් අත්හිටුවීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකටද එළැඹෙන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියා.