ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට නවසීලන්ත සංචාරයේ පළමු එක්දින තරඟය අහිමි වූවත්, ඉතිරි එක්දින තරඟ සහ විස්සයි විස්ස තරඟාවලියට සහභාගිවීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන පවසනවා.
පාදයේ ආබාධයකට ලක්ව සිටින මාලිංග ලබන 26 වනදා යෝග්‍යතා පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවයි ඔහු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගියදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති ක්‍රිකට් තරගාවලියේදී මාලිංගගේ දණහිසේ ආබාධය හටගෙන තිබෙනවා.
ජාත්‍යන්තර එක්දින තරග 191 කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 291 ක්.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර එක්දින තරග 5 ක් සහ 20 යි 20 තරග 2 ක් පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර පැවති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2 ට බින්දුවක් ලෙස ජයග්‍රහණය කලේ නවසීලන්තයයි.