සහජීවනයෙන් ප්‍රභාමත් වූ සංහිඳියාව නත්තලේ සලකුණයි

Friday, 25 December 2015 - 11:07

%E0%B7%83%E0%B7%84%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
අසල්වැසියන් හා අවශේෂ සමාජය කෙරෙහි ප්‍රේමය ද අන්‍යෝන්‍ය ලබැදියාව ද සහජීවනයෙන් ප්‍රභාමත් කරනු ලබන නත්තල තුළින් එහි විශ්ව සලකුණ දක්නට ලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

නත්තල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මානව ශිෂ්ඨාචාරය නිවැරදි මඟට යොමු කළේ ආගමික ශාස්තෲන් වහන්සේලා බවයි.

ජේසුතුමන් ආගමික නායකයෙකු ලෙස ලොව අප්‍රමාණ භක්තියට සහ වන්දනාවට පාත්‍ර වන්නේ මනුෂ්‍යත්වය කෙරෙහි උන්වහන්සේ තුළ පැවැති පුළුල් දැක්ම නිසා බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සංහිදියාවල කවර රටකල කවර ජාතියක වුවද වඩාත් පෝෂණය කළ යුතු සර්වකාලීන සාධනීය ගුණාංගයක් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නත්තල් පණිවුඩයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.