වර්තමාන සමාජය ඉල්ලා සිටින්නේ ජාති ආගම් භේද නොසලකන සාමය සතුට පිරුණු දේවත්වය සහ මනුෂ්‍යත්වය අත්වැල් බැදගත් යහපත් පරිසරයක් සහ ගුණදම් සපිරි වටපිටාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ වෙනුවෙන් එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීම අපගේ යුතුකම බවයි නත්තල වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවූ නත්තල් දිනය සැමට අර්ථවත් කළ හැක්කේ එවිට බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
නත්තල සමරා ජේසු සමිදුන් පෙන්වා දුන් සාමය හා දයාව අප වෙත ළං කර ගත හැක්කේ සොම්නසේ පණිවුඩය දරුවන්ගේ හදවත් වෙත සමීප කරලීමෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නත්තල් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ දැවැන්ත කැප කිරීම අසල්වැසියාට ප්‍රේම කරන්නැයි ජේසු සමිදාණන් දෙසූ දහමට අනුකූල වන්නක් බව ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.