පාකිස්ථාන අගමැති ජනවාරි පළමු සතියේ දිවයිනට

Sunday, 27 December 2015 - 13:16

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
පාකිස්ථාන අගමැති නවාශ් ෂරීෆ් එළඹෙන වසරේ ජනවාරි පළමු සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

කොළඹ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඉන්දියාවේ හින්දු පුවත්පත මේ බව සඳහන් කළා.

අප කළ විමසීමකදී මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව සදහන් කළේ පාකිස්ථාන අගමැතිවරයා ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

කෙසේ නමුත්, එසේ පැමිණෙන නිශ්චිත දිනය මෙතෙක් දන්වා නොමැති බවත් ඇය සදහන් කළා.

හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ පාකිස්ථාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී දෙරට අතර ගිවිසුම් 10කට අත්සන් තැබීමට නියමිත බවයි.

ද්වීපාර්ශවික සහයෝගිතාව වර්ධනය කරලීම, තාක්ෂණික සහ විද්‍යාත්මක සහයෝගිතාව මෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායම්වල මූල්‍ය රැස්කිරීම් වළක්වාලීම එම ගිවිසුම් අතරට ඇතුළත්.

පාකිස්ථාන අගමැති නවාශ් ෂරීෆ් අවසන් වරට   ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය 2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහායි.