ගැබිණි කතට මරු කැඳවු ලොරියේ රියදුරාට පහරදුන් පිරිස සොයයි

Tuesday, 29 December 2015 - 10:48

%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නුවරඑළියේ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු ලොරියක ගැබිණි කාන්තාවක් ගැටී සිදුවු අනතුරින් පසු ලොරියේ රියදුරාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

රියදුරාට පහරදී තුවාල සිදුකල සැකකරුවන් වීඩියෝ දර්ශණ මගින් හඳුනාගෙන ඇති බවයි කොත්මලේ පොලිසිය ප්‍රකාශකර ඇත්තේ.

එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

නුවරඑළියේ සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරියක ගැටීමෙන් ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුනේ 32 හැවිරිදි ගැබිණි කාන්තාවක්.

ඇය ලබුකැලේ ප්‍රදේශයේ සිට වෙදමුල්ල ප්‍රදේශයට පැමිණ තිබුනේ වෙළඳ සැලක සේවයේ නියුතු තම සැමියාට දිවා ආහාරය රැගෙනයි.

අනතුරින් පසු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වු ලොරියේ රියදුරා ද පොලිස් ආරක්ෂාව යටතේ නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණිමට පෙර වතු කම්කරු තරුණයන් පිරිසක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා පමුණුවමින් කලහකාරී ලෙස හැසිරෙමින් ලොරියේ රියදුරාට හා ලොරියට පහරදී තිබුනා.

කොත්මලේ පොලිසියයි මෙම සිද්ධිය පිළිබඳ විමර්ශණ මෙහෙයවන්නේ.