හිරුණිකා ගැන පොලිසිය නීතිපති උපදෙස් පතයි

Tuesday, 29 December 2015 - 12:42

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබද අද (29) දිනයේ නීතිපති උපදෙස් ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.

මෙම සිද්ධිය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ශනයේ ලිපිගොනු ද අද දිනයේ නීතිපතිවරයා වෙත යොමුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

 
දෙමටගොඩ රෙදිපිළි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගනු ලබන්නේ පසුගිය 20 වනදායි.

මහ දවල් සිදුකළ මෙම පැහැර ගැනීම එම වෙළඳසැලේ ආරක්ෂක කැමරාවලද සටහන් වී තිබුණා. අනතුරුව පැහැරගත් පුද්ගලයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කොලොන්නාවේ පිහිටි කාර්යාලයකට රැගෙන ගොස් තිබූ අතර, එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බව එම පුද්ගලයා ප්‍රකාශ කළා.

පැහැර ගැනීමට ලක්වු පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයින් තමන්ට පහරදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

මීට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් දෙවරක් ප්‍රශ්න කරනු ලැබුවා. එහෙත් සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තවමත් පොලිස් අත්අඩංගුවට ගෙන නැහැ.