ෆේස් බුක් ගිණුමෙන් හමුදා ප්‍රධානියාට අපහාසකරලා

Tuesday, 29 December 2015 - 13:10

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
මියන්මාර හමුදා ප්‍රධානියාට අපහාස වන ආකාරයට ෆේස් බුක් හරහා ප්‍රචාරයන් සිදුකළ සමාජ ක්‍රියාකාරිනියකට මාස 6 ක සිරදඩුවම් නියම කර තිබෙනවා.

චෝ සැන්ඩි නමැති මෙම සමාජ ක්‍රියාකාරිනිය මියන්මා හමුදා ප්‍රධානියාට අපහාස වන ලෙස සිය ෆේස් බුක් ගිණුමේ අදහස් පළ කර ඇති අතර ඊට තවත් පිරිසක් විවිධ වදන් එක් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පසුගියදා මියන්මාරයේ පැවති මැතිවරණයෙන් එරට විපක්ෂ නායිකා අවුන්සාන් සුකීගේ ජාතික ලීගය ජයග්‍රහණය කළත් මෙතෙක් එරට පවතින්නේ හමුදා පාලනයක්.