'තනපට ගලවන්න ඉඩ දීපන් කියලද කියන්නේ'...?

Tuesday, 29 December 2015 - 19:33

%27%E0%B6%AD%E0%B6%B1%E0%B6%B4%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%27...%3F
විජාතික සංස්කෘතීන් වැළඳගෙන මාතෘභූමියේ අභිමානය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, බත්තරමුල්ල - අපේගම පරිශ්‍රයේ පැවති ජාතික හස්ත කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය අද අමතමින්. පසුගියදා කොළඹ පැවති සංගීත ප්‍රසංගයක් පිළිබඳව තමා දැක්වූ අදහස්වලට එරෙහි ඇතැම් මතවාද පිළිබඳවද ඔහු මෙහිදී අදහස් පළ කළා.

තම ප්‍රකාශයට එරෙහිවන්නේ රටේ සංස්කෘතිය විනාශ කරන අය බවයි ඔහු මෙහිදී කියා සිටියේ.