වයඹදිග පාකිස්තානයේ මරදාන් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 45 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් වාර්තා සදහන් කළේ නගරයේ පිහිටි ජාතික හැදුනුම්පත් නිකුත් කරන ආයතනයක් ඉදිරිපිට මෙම පිපිරීම සිදුව ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණි බෝම්බකරු අදාළ රාජ්ය ආයතනයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි සිටි ආරක්ෂක අංශ නිලධාරීන් මොහු පරීක්ෂා කිරීමට සැරසී තිබෙනවා. එම අවස්ථාවේදීයි ඔහු මෙම පුපුරුවා ගැනීම සිදුකර ඇත්තේ.
මෙහි වගකීම තලෙයිබාන් සටන්කාමීන් පිරිසක් භාරගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ද පෙශාවර් නුවර පාසලකට එල්ල වූ මෙවැනි ප්රහාරයකින් පාසල් ළමයින් සහ ගුරුවරුන් 150 දෙනෙකු මිය ගිය බවයි.