බලහත්කාරයෙන් අල්ලාගෙන තිබූ මඩකලපුවේ ඉඩම් යළිත් රජයට

Wednesday, 30 December 2015 - 8:50

%E0%B6%B6%E0%B6%BD%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7
මඩකලපුව - පූනානි සහ නාවල්අඩි ප්‍රදේශවල බලහත්කාරයෙන් අල්ලාගෙන තිබූ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් යළි එම දෙපාර්තමේන්තුව යටතට ගෙන තිබෙනවා. ඒ, වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි.

පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටි මෙම ඉඩම් අයත්වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. පූනානි සිට නාවල්අඩි දක්වා කිලෝමීටර් 28 ක් පමණ කොටසක පර්චස් විස්ස බැගින් වූ ඉඩම් කොටස් 2000 ක් පමණ කිසියම් පිරිසක් අත්පත් කරගනිමින් සිටින බවට අප මීට පෙර අනාවරණ කළා.

නියෝජ්‍ය පරිවේනාධිපති හිමියන් සඳහන් කළේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලීගේ මැදිහත්වීමෙන් මෙම ඉඩම් අත්පත් කරගැනීම සිදුවන බවයි.

කෙසේ වෙතත්, අප සිදුකළ අනාවරණයත් සමඟ ඉඩම් අත්පත් කරගෙන ඇති පිරිස ඉවත් කිරීම සඳහා කෝරලේපත්තුව උතුරු ප්‍රාදේශීය ලේකම්වරිය වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබුණා.