වකුගුඩු රෝගයට ගෙන්වූ ජල පෙරණ වංචාවක් ගැන පරීක්ෂණ

Wednesday, 30 December 2015 - 14:25

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
වකුගඩු රෝගය පාලනය කිරීමේ අරමුණින් උතුරුමැද පළාතේ ජනතාවට බහුකාර්ය ජල පෙරන යන්ත්‍ර සැපයීමේදී සිදුවී ඇති රුපියල් දහතුන් කෝටියකට අධික මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් බරපතල වංචා සහ  දුෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම කොමිසම පවසන්නේ 2010, 2011 සහ 2012 වර්ෂවලදී මෙය සිදුවී ඇති බවයි.

උතුරුමැද පළාත් සභාව මෙම බහුකාර්ය ජල පෙරන යන්ත්‍ර පෞද්ගලික සමාගමකින් ඇණවුම් කර ඇති අතර, ජල සම්පාදන මණ්ඩලයේ වයඹ කාර්යාලය එම කාර්යයේදී ප්‍රධාන මැදිහත්වීමක් ඉටු කර තිබෙනවා.

ඒ අනුව, 2010 වසරේ බහුකාර්ය ජල පෙරන 5000 ක් ගෙන්වා ඇති අතර, 2011 වසරේ උතුරු මැද පළාත් සභාව ගෙන්වූ බහුකාර්ය ජල පෙරන සංඛ්‍යාව 2500 ක්.

මීට අමතරව 2012 වසරේදී ද තවත් බහුකාර්ය ජල පෙරණ යන්ත්‍ර 5000 ක් උතුරු මැද පළාත් සභාව විසින් අදාළ පෞද්ගලික සමාගමෙන් ගෙන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම බහුකාර්ය ජල පෙරන යන්ත්‍ර මගින් උතුරුමැද පළාතේ ජනතාවට සුදුසු පානීය ජලය ලබාදීමට අපොහොසත්වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

ඊට හේතුව වන්නේ ගෙන්වන ලද ජලපෙරණ කෙටි කලකදී අක්‍රියවීමයි. අදාළ සමාගම ඒවා නඩත්තු කිරීම් කටයුතු සිදුකර නොමැති අතර, ජල පෙරණ ගෙන්වීමේදී ඒ සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම් පැහැදිලි නොවන බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම, මෙම බහුකාර්ය ජල පෙරණ ගෙන්වීමේදී අනුගමනය කළ ටෙන්ඩර් පටිපාටිය දෝෂ සහිත බවයි කොමිෂන් සභාව පවසන්නේ.

කෙසේ වෙතත්, මෙවැනි මතභේදාත්මක තත්ත්වයන් තිබියදීත් උතුරු මැද පළාත් සභාව ගනුදෙනුවට සම්බන්ධ පෞද්ගලික සමාගම වෙත රුපියල් දහතුන්කෝටි 41 ලක්ෂ 20,000 ක් ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති ජනාධිපති කොමිසම ඊට අදාළ සාක්ෂි විමසීම සදහා වගකිව යුතු පාර්ශව වෙත මේ වනවිටත් කැදවීම් යොමුකර ඇති බවයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.