දුම්මලදෙණිය අනතුරේ මරණ 6 දක්වා ඉහළට

Wednesday, 30 December 2015 - 14:57

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+6+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වරකාපොල - දුම්මලදෙණිය ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ අනතුරෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දැරියක් අද දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනතුරට ලක්වූ වෑන් රථයේ සිටි අවුරුද්දක් පමණ වයසැති කුඩා දැරියක් බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම වෑන් රථය සෝමාවතිය දක්වා වන්දනා නඩයක් රැගෙන යමින් තිබූ බස් රථයක ගැටීමෙන් අද අලූයම 4.55 ට පමණ මෙම අනතුර සිදුවුණා.

අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුලූව තවත් පස්දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, මොවුන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ සිටි පුද්ගලයින් 13 දෙනෙකු සහ බස් රථයේ සිටි පුද්ගලයින් 12 දෙනෙකු කොළඹ ජාතික රෝහල, කෑගල්ල සහ වතුපිටිවල යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.