31 රතිඤ්ඤා තහනම්

Thursday, 31 December 2015 - 7:55

31+%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%8F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
නව වසර උදාව සැමරීම සඳහා මල් වෙඩි සහ රතිඤ්ඤා දැල්වීම තහනම් කිරීමට බෙල්ජියම පියවර ගෙන තිබෙනවා.  

මීට පෙර බුද්ධි අංශ වාර්තා අනාවරණ කළේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව නව වසර උදාව සැමරීම සඳහා මල් වෙඩි සහ රතිඤ්ඤා දැල්වීම තහනම් කිරීමටයි එරට අග්‍රාමාත්‍ය චාල්ස් මිචෙල් තීරණය කර ඇත්තේ.

නව වසර උදාව සැමරීමට දෙස් විදෙස් සංචාරකයින් දහස් ගණනින් රැස්වන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට වීමද විශේෂත්වයක්.

ඊට රැස්වන සියලු පුද්ගලයන් පරීක්ෂා කර අවධානමක් නොමැති බවට තහවුරු කිරීමට නොහැකි බවයි බෙල්ජියම් නගරාධිපතිවරයා ද ප්‍රකාශකර තිබෙනවා.

පසුගියදා පැරිස් නුවරට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි බෙල්ජියමේ ද ආරක්ෂාව දැඩි කර ඇත්තේ.

නව වසර උදාව සැමරීම වෙනුවෙන් සංවිධාන කර ඇති සියලු උත්සව මෙම අවධානම් තත්වය හමුවේ කණගාටුවෙන් වුව ද නතර කිරීමට සිදුවන බව නගරාධිපතිරවයා සඳහන් කර තිබෙනවා.