මැතිවරණයෙන් පරාජය වු දුකට ජයග්‍රාහිකාවගේ දියණිය දුෂණය කරලා

Thursday, 31 December 2015 - 11:47

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාදේශීය මැතිවරණයකින් කාන්තාවක් ජයග්‍රහණය කිරීමට පළි ගැනීමක් වශයෙන් ඇයගේ දියණිය දුෂණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සොයා එරට ආරක්ෂක අංශ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

පසුව එම දැරිය සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණයකින් ජයගත් කාන්තාවගෙන් පළි ගැනීමක් වශයෙන් සැකකරුවන් 14 හැවිරිදි දැරිය දුෂණය කර ඇතැයි සඳහන්.

නිදාසිටි දැරිය පැහැරගෙන ගොස් අසල තිබු කුඹුරකදී සැකකරුවන් ඇය අපයෝජනයට ලක්කර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබු ඇයගේ දෙමව්පියන් දුෂණයට ලක්වු දැරිය තනිව නිවසේ නවතා පොලිසියට ගොස් ඇත්තේ පැමිණිල්ලක් කිරීම සඳහායි.

එහෙත් යළි ඔවුන් නිවසට පැමිණෙන විට දැරිය නිවසේ කාමරයක් තුල එල්ලී මියගොස් තිබෙනවා.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොමැති බව සඳහන්.

මැතිවරණයෙන් පරාජයට පත්වු අපේක්ෂකයකුගේ ආධාරකරුවන් දෙදෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට හෙළිව තිබෙනවා.