හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද අවසර ලබාදුන්නා.
ඒ අනුව රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇපයක් මත දින තුනක කාලයක් සඳහා විදේශ ගතවීමටයි විනිසුරුවරයා අවසර ලබාදී ඇත්තේ.
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 5 ක් ගොනුකර තිබෙනවා.
එම නඩුවලට අදාළව පසුගියදා ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අධිකරණය ඇප ලබාදුන්නා. එමෙන්ම ඔහුට අධිකරණය විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.
කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමාට විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා මෝසමක් මාර්ගයෙන් අද අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ඒ අතරයි.