සාමුහිකත්වය සහ සහජීවනය නව වසරේදී සුරක්ෂිත කරමු

Friday, 01 January 2016 - 7:55

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%84%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94
පොදු අධිෂ්ඨානය, එකමුතු බව සහ ඒ තුළින් ශක්තිමත් වන සාමුහිකත්වයේත්, සහජීවනයේත් සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම නව වසරේ සියලූ දෙනාගේම පොදු අධිෂ්ඨානය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

නව වසර සඳහා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පසුගිය වසරේ ජනවාරි මස පළමු වනදා තම සුබ පැතුම් පණිවුඩයෙන් අවධාරණය කළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, දූෂණයේ සහ භීෂණයේ නිමාව, සංහිඳියාව සේම, ජාත්‍යන්තර හොඳ හිත ඇතිකර ගැනීම වැනි සාධනීය ප්‍රතිඵල මෙවර ජනවාරි මාසය එළැඹෙද්දී අත්විඳිමින් සිටින බවයි. ඒ අනුව යහපත් ආකල්ප මෙන්ම අවෛරී චේතනාද බලය වැළඳ ගැනීමට නොව බලය අතහරිමින් ජනතාව බලගැන්වීමේ කාර්ය සාධනයද නව වසරේ න්‍යාය පත්‍රය විය යුතු බව ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.