බුළුගහහන්දියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දඩල්ලගේ මංජුල, ජාතික රෝහලට

Friday, 01 January 2016 - 14:38

%E0%B6%B6%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B7%84%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කැළණිය - බුළුගහහන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ දඩල්ලගේ මංජුල නමැත්තා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

පාදයට සහ පපු ප්‍රදේශයට වෙඩි වැදීම නිසා මොහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් මෙලෙස කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.

බුළුගහ හන්දිය ප්‍රදේශයේදී මොහු ගමන් ගත් මෝටර් රථය ඊයේ පස්වරුවේ රිය අනතුරකට ලක්වුණා.

එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මොහුට වෙඩි තබා තිබූ අතර, එම ස්ථානයට පැමිණි රථ වාහන රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වෙඩි වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

වෙඩි වැදීමට ලක්වූ දඩල්ලගේ මංජුල නමැත්තා පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශාමේල් සඳරුවන්ගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ද වනවා.