පළමු ශ්‍රේණිය වෙනුවෙන් ගුරු සංගමයක් උසාවියට

Saturday, 02 January 2016 - 7:43

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පළමු ශ්‍රේණියේ පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දුන්නේ පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව 35 විය යුතු බවයි.

එහෙත් පසුගිය වසරේ අවසන් දින කිහිපය තුළදී නැවත චක්‍රලේඛයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

 දැනට සකස් කර ඇති පළමු ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ළමයින්ගේ නාමලේඛන සංශෝධනය කර අවසන් නාමලේඛනය නැවත වරක් ප්‍රදර්ශනය කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලූම පාසල්වල විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයකින් දැනුම් දී තිබුණා.

එහිදී වැඩිවන ළමයින්ගේ නම් ඇතුළත් කර අදාළ ලේඛනය ප්‍රදර්ශනය කරන ලෙස ඔහු උපදෙස් ලබාදෙනවා.

කෙසේ වෙතත් ලබන වසරෙන් පසු එක් වසරකට එක් සිසුවෙකු බැගින් අඩු කර 2021 වසර වනවිට ළමයින් 35 දක්වා එම සංඛ්‍යාව අඩු කළ යුතු බවද අධ්‍යපන අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට එරෙහිව තම සංගමය නඩු පැවරීමට කටයුතු කරන බවයි.