ගල්කිස්ස මුහුදු තීරයේදී අතුරුදන්වු දෙදෙනෙකු සොයා මෙහෙයුමක්

Saturday, 02 January 2016 - 10:18

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගල්කිස්ස - මුහුදු තීරයේ ඊයේ පස්වරුවේ දිය නෑමට ගිය එක් පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

21 හැවිරිදි මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මිය ගොස් ඇති අතර අතුරුදන්ව ඇත්තේ හැටන් - ලිදුල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු සහ කොළඹ - ජම්පටාවීදියේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

ඊයේ පස්වරුවේ මෙම තරුණයින් පිරිස තවත් තරුණයින් 9 දෙනෙකු සමඟ දිය නෑමට පැමිණ ඇති බවටයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.